‘කොවිඩ්19’ ගෝලීය වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා වසා දැමූ බීමහල්, අවන්හල්, කොණ්ඩා සකසන ස්ථාන, බාබර් සාප්පුසහ රූපලාවන්‍යාගාර ලබන 18 වැනිදා සිට නැවත විවෘත කිරීමට ඉතාලි රජය තීරණය කර ඇත.
ව්‍යාපාර සහ ඉහත සඳහන් කළ විවෘත කිරීමේ බලය ප්‍රාදේශීය බලධාරීන්ට ලබාදීමට ද ඉතාලි ආණ්ඩුව පියවර ගෙන ඇත.
බීමහල්, අවන්හල්, කොණ්ඩා සකසන ස්ථාන, බාබර් සාප්පු සහ රූපලාවන්‍යාගාර යනාදිය ජූනි මස 1 වැනිදා විවෘත කිරීමට ඉතාලි රජය මීට පෙර තීරණය කර තිබිණි.
ඉතාලි ආණ්ඩුව මෙම තීරණය ගත්තේ සඳුඳා (11) රාත්‍රියේදී ය. ව්‍යාපාර කටයුතු යනාදිය නැවත ආරම්භ කිරීමට අදාළ සැලැසුම් සකස් කිරීමේ බලය තමන්ට දෙන්නැයි ප්‍රාදේශීය නායකයන්ගෙන් එල්ල වූ පීඩනය හේතුවෙන් මුලින් ගත් තීරණය වෙනස් කිරීමට ආණ්ඩුව සිදුවිය.
කුඩා කඩසාප්පු, කෞතුකාගාර සහ පුස්තකාල ද ලබන 18 වැනිදා සිට විවෘත කරන බව ද ඉතාලි ආණ්ඩුව සඳහන් කළේය.
ඉහත සඳහන් කළ සියල්ල විවෘත කිරීමට සෞඛ්‍යාරක්ෂිත පියවර ගැනීම අනිවාර්ය බව ද ඉතාලි ආණ්ඩුව නිවේදනය කළේය.
අවන්හල් විවෘත කළ ද ආහාර ගන්නන් අතර මීටර හතරක දුරස්ථභාවයක් පවත්වා ගත යුතු යැයි ද එම නිවේදනයේ දැක්විණි.
ඉතාලියෙන් සඳුඳා දිනයේදී කොරෝනා ආසාදිතයන් 744 දෙනකු හඳුනාගෙන තිබිණි. මාර්තු මස 4 වැනිදාට පසු එරටින් දිනක් ඇතුළත වාර්තා වූ අඩුම ආසාදිතයන්ගේ ගණන එය විය.
එදින එරටින් වාර්තා වූ මරණ ගණන 179ක් විය. ඉතාලියෙන් අද (12) පස්වරු 4.50 වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 219,814ක් වූ අතර එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ ගණන 30,739ක් ලෙස දැක්විණි.
ද ගාඩියන්
055
ඉතාලියේ වසා දැමූ බීමහල්, අවන්හල්, රූපපලාවන්‍ය මධ්‍යස්ථාන විවෘත කිරීමට යයි
Recommended Articles