ඉන්දියාව අද (26) 75 වැනි ජනරජ දිනය මහත් උත්කර්ෂවත් අන්දමින් සැමරයි.
ජනරජ දින ප්‍රධාන සැමරුම් උත්සවය සුපුරුදු පරිදි, නවදිල්ලි අගනුවර ආරම්භ වූයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපතිනී ද්‍රෙෘපදී මුර්මු සහ මෙවර ජනරජ දිනයේ ප්‍රධාන අමුත්තා වූ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැකරොන්ගේ ප්‍රධානත්වයෙනි.
සැමරුම් උත්සවයට සමගාමීව, නවදිල්ලි අගනුවර ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
සැමරුම් උළෙලේ ආරක්ෂාවට පමණක් යොදවා සිටි ආරක්ෂක අංශ සාමාජිකයන් ගණන 8,000 කි.
ස්නයිපර් තුවක්කුකරුවන් උස ගොඩනැගිලිවල සීරුවෙන් තැබුණු බවත්, මිසයිල නාශක අවි නගරයේ ස්ථාන කීපයක රඳවා තැබුණු බවත් වාර්තා වේ.