ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මරුට


ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් එරට ආරක්ෂක ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත් ජීවිතක්ෂයට පත්වී ඇත.

ඉන්දියාවේ ආරක්ෂක ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත්, ඔහුගේ බිරිඳ ඇතුළි 14 දෙනකු ගමන් කරමින් තිබූ හෙලිකොප්ටර් යානාය තමිල්නාඩු ප්‍රාන්තයේ කූනූර් නගරය ආසන්නයේ දී අනතුරට පත්විය.

කූනූර් නගරය ආසන්න කඳුකර ප්‍රදේශයකදී හෙලිකොප්ටර් යනාය අනතුරට පත්වී තිබේ.

ඔවුන් ගමන් කරමින් සිට ඇත්තේ එම්.අයි - 17 වී 5 (Mi-17V5) වර්ගයේ හෙලිකොප්ටර් යානයකින් වන අතර යානයේ සිටි එක් අයකු මේ වනවිට රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

මරණයට පත්වන විට ජෙනරාල් රාවත් 63 වියේ පසු වූ අතර හෙතෙම ඉන්දියාවේ පළමු මාණ්ඩලික ආරක්ෂක ප්‍රධානියා ය. හෙතෙම එම ධුරයට උස්වීම් ලැබුවේ 2019 වසරේ ජනවාරි මාසයේ දී ය.

(එන්.ඩී.ටීවී.)