ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ජනපති හමුවේ


(අංජුල මහික වීරරත්න)

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.  

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ආර්ථික සහයෝගීතාව පිළිබඳව ඔවුහු සාකච්ඡා කළහ.  ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා ද මෙම හමුවට සහභාගි විය.