( වසන්ත චන්ද්‍රපාල)
දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් . සමඟ ඉන්දීය ධීවරයින් 14ක් .නාවික හමුදා භාරයට ගෙන තිබේ.
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් දේශීය ජල තීරයට ඇතුළු වී විදේශිය ධීවරයි විසින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා, දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.
මන්නාරමට දකුණින් වූ දේශීය ජල තීරයට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවන් උතුරු මැද නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා දේශීය ජල තීරයෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක්, ඊයේ(06) නාවික හමුදා වෙරළ බඩ මුර යාත්‍රා යොදවා සිදු කෙරිණි.