ඉන්දීය බෙරවාදන මධ්‍යයේ ජනපති පිළිගනී


තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (28) පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟාවිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපොළට පැමිණ සිටි අතර ඉන්දියාවේ සාම්ප්‍රදායික බෙරවාදන මධ්‍යයේ ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයක් මත ඉන්දියාවේ සංචාරය කරන අතර මෙම සංචාරය ජනාධිපතිවරයාගේ පළමු නිල සංචාරයයි.

(ඡායාරූප -  ඒ.එෆ්.පී.) 

055