(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (01) පස්වරුවේ සිදු විය.
ඉන්දියානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ මෙහිදී සවිස්තරාත්මක සමාලෝචනයක් සිදු කෙරනු අතර එම ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ දී මතුව ඇති ගැටලු සහ අභියෝග පිළිබඳ ද අවධානය යොමු කෙරිණි.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙන්ම දෙරටේම ධීවර ප්‍රජාවගේ අවශ්‍යතා අවබෝධ කරගනිමින් සහයෝගීතා වැඩසටහනක් ඔස්සේ දීර්ඝකාලීන විසඳුමකට එළැඹීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
උතුරු මුහුදේ දැනට පවතින ධීවර ගැටළු පිළිබඳව ද අවධානය යොමු වූ අතර ශ්‍රී ලාංකීය ධීවර ප්‍රජාවගේ අවශ්‍යතා සුරැකීමට තමන් සෑම විටම කැපවී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති ක්ෂේත්රයේ ප්‍රවර්ධනය සහ ඩිජිටල්කරණ වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ මහතා ද මෙම හමුවට එක්ව සිටියේය.