ඉන්ධන ඇමැති කනගාටු වෙයි


(යොහාන් භාසුර)

ඉන්ධන නෞකාවක් ලැබෙන දිනයක් නිශ්චිතව කිවනොහැකි බවත් ඉදිරි අනාගතයේ ඉන්ධන අර්බුදයේ වඩාත් බරපතල තත්වයකට මුහුණ දීමට සිදුවිය හැකි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (26) පස්වරුවේ පැවසීය.

ජනතාවට අවශ්‍ය ඉන්ධන සැපයුම ලබාදීමට නොහැකිවීම සම්බන්ධයෙන් ජනතාවට කනගාටුව පළකරන අතරම ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව කී අමාත්‍ය විජේසේකර මහතා පැවසුවේ පැරණි ඉන්ධන සැපයුම්කරුවන් ඉදිරිපත් නොවීමෙන් නව සැපයුම්කරුවන්ට  යෑමට සිදුවීමෙන් ඉන්ධන ආනයනය දැඩි අර්බුදයක් බවට පත්ව ඇති බවත්ය.

ඉන්ධන පිරවුම්හල්වල පෝලිම්වල රැදී උද්ඝෝෂණය නොකරන ලෙස ඉල්ලා සිටින අතරම භූමිතෙල් තව දුරටත් ලබාදිය නොහැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.