ඉන්ධන ගන්න යළි දිගු පෝලිම්


(යොහාන් භාසුර)

පෞද්ගලික ටැංකි රථ හිමියන් ක්‍රියාත්මක කර තිබෙන වැඩවර්ජනය හේතුවෙන් රට පුරා දැඩි ඉන්ධන හිඟයක් නිර්මාණය වී තිබේ.

මෙම තත්වය හේතුවෙන් බොහෝ ඉන්ධන පිරවුම් හල් වසා ඇති අතර ඉන්ධන තොග පවතින පිරවුම්හල අසල දිගු පෝලිම් දැකිය හැකිය.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් බොහොමයක් ද වසා තැබීම හේතුවෙන් තත්ත්වය තව දුරටත් උග්‍ර වී තිබේ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)