ඉන්ධන ජාවාරම ලංකාදිප කැමරාවේ


( සමන් විජය බණ්ඩාර සහ  රංජිත් රාජපක්ෂ)

ඉන්ධන පොලිම්වලට බොහෝ දෙනා සිය වාහනවල ඇති ඉන්ධන කෑන්වලට පුරවා පසුව ඉන්ධන ලබා ගන්නා බවට චෝදනා එල්ල වෙමින් පවතී.

පසුව එසේ ලබාගන්නා ඉන්ධන  වැඩිමිලට අලෙවි කරන ජාවාරමක් ක්‍රියාත්මක වන බව ද බොහෝ ප්‍රදේශවලින් වාර්තා වෙයි.

ඇතැම් පිරිස් සිය මෝටර් රථයේ ඉන්ධන කෑන්වලට ගෙන නැවත පොලිම්වලට ගොස් ඉන්ධන ලබා ගෙන අලෙවි කිරීමේ ජාවාරමක් සිදු කරන බව ද විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙයි.

ඇතැමි පිරස් දවස අවස්ථා හත අටකදි මේ ආකාරයෙන් ඉන්ධන සිය ත්‍රිරෝද රථවලට හා යතුරු පැදිවලට ලබාගන්නා අයුරුද ද දැක ගත හැකියි.

තත්ත්වය එසේ තිබියදී හෙම්මාවතගම සමූපකාර ඉන්ධන පිරවුම්හලෙන් හා හැටන් නගරයේ ඉන්ධන පිරවුම්හල් අසල පොලිමේ නවතා තිබූ පෞද්ගලික බස්වල සේවකයන් එම බස්රථවල ටැංකියෙන් ඉන්ධන කෑන්වලට පුරවන අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ ආකාරයෙනි.

බස් රථවලට සීමාවකින් තොරව ඩීසල් නිකුත් කිරීමේදී මෙවැනි ක්‍රියා නිසා ඇතැම්වාහන හිමියන්ට ඉන්ධන ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.

මේ හේතුවෙන නිසා ඇතැම් ඉන්ධනහල් ඉදිරිපිට දී ගැටුම්කාරි තත්ත්වය පාලනය සඳහා මේ වනවිට යුද හමුදා ආරක්ෂව යොදා ඇත.

හැටන් ඉන්ධන පිරවුම්හල් අසල