ඉන්ධන නැති නිසා භූතය පැමිණ නැත


ගැබ්බර බිරිඳ මෙනි පීදුණු කලට                 කෙත

අවුරුදු කලට පෙර ගෙට ගත යුතුය              බැත

ඉන්ධන නැති නිසා භූතය පැමිණ                නැත

ඇති කල කිම තැවෙනු දෑකැති බලැ'ති           අත?

(ආරියසේන හඳුවල)

ඉන්ධන නැතිව ගොයම් කැපීමට නොහැකිව සිටින ගොවියන් යළි දෑකැත්ත අතට ගෙන අයුරු පොල්පිතිගම කෝරුවාව කුඹුරු යායෙන් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි.

ඉන්ධන හිඟය නිසා දැඩි අපහසුතාවයකට පත්ව ඇති පිරිසක අතර ගොවියෝ ද පෙරමුණේ සිටිති.

භූතයා මැෂිමෙන් ගොයම් කපන්න පුරුදු වී සිටින ගොවියෝ ඉන්ධන නැතිව අන්ත අසරණව සිටිති. 

වැස්සට පළමු අස්වැන්න ගෙට ගැනීමට මෙම තීරණය ගත් බව ඔවුහු පැවසුහ.

(මොරගොල්ලාගම සිසිර කැලේගම)