ඉන්ධන නැතිව කොළඹ පාළුවට යයි


(යොහාන් බාසුර)

දැඩි තදබදයක් පවතින බොහෝ නගර මේ වන විට පාළුවට  ගොස් ඇති අයුරු ලංකාදීප  කැමරාවේ සටහන් වූයේ මේ අයුරිණි.

ප්‍රධාන වාණිජ නගරය වන කොළඹ නගරය ද දැඩි පාළු ස්වභාවයක් ගෙන තිබුණි.

ඉන්ධනවලට සීමා පැනවීම සහ  සේවා සීමා කිරීමත්, නාගරික පාසල් වසා දැමීම නිසා මෙම තත්ත්වය පවතින බව ද වාර්තා වේ.

කොළඹ නගරයේ ප්‍රවාහන කටයුතු මේ අයුරින් අඩාල වුව ද කොළඹින් පිට පළාත්වල  ගමනා ගමන කටයුතු සීමාවීම නිසා බස් රථවල දැඩි තදබදයක් දක්නට ඇත.

ඇතැම් පළාත්වල බස් රථවල පිටුපස බෆරයේ මෙන්ම බස් රථවල වහලයේ මගීන් ගමන් ගාන්නා අයුරු දක්නට ලැබිණි.

බලන්ගොඩ ප්‍රදේශයේ ගමන් ගත් බසයක මේ අයුරින් මගීන් විශාල පිරිසක් එහි වහළය මත නැගී ගමන්ගන්නා අයුරු අප කැමරාවේ සටහන් විය.

(ශාන්ත රත්නායක)

 

උපේන්ද්‍ර ජාතුංගම