ඉන්ධන පිරවුම්හල්වලට යුද හමුදා ආරක්‍ෂාව


(යොහාන් භාසුර)

කොළඹ නගර සීමාවේ ඉන්ධන පිරවුම්හල් රැසකට අද (20) දිනයේ යුද හමුදා නිලධාරීන්ගේ ආරක්‍ෂාව යොදවා තිබුණි.

කොළඹ මෙන්ම රට පුරාම අද දිනයේ ද ඉන්ධන පිරවුම්හල් කේන්ද්‍රකරගනිමින් දිගු පෝලිම් දැකිය හැකි වූ අතර එම බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නොමැති වීම ද කැපී පෙනුණි.

කොළඹ නරගයේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවය කරන නිලධාරීන් ඉන්ධන ලැබෙන තෙක් පෝලිම්වල රැදී සිටි ආකාරය දැකිය හැකි විය.

(ඡායාරූප: ශාන්ත රත්නායක