ඉන්ධන ලොරිය වෙළට පෙරළේ


(නිමල් ජයරත්න)

කොලොන්නාව  සිට මඩකලපුව බලා ධාවනය වූ  ඩීසල් හා පෙට්‍රල් ප්‍රවාහන බවුසරයක් මනම්පිටිය ආච්චිබෝක්කුව ප්‍රදේශයේදී අද  සවස 4.00 ට පමණ පාරෙන් ඉවතට පෙරළී මෙන් එහි තිබූ ඉන්ධන විශාල ප්‍රමාණයක් වෙල්යායට මුසු වී ඇතැයි  මනම්පිටිය පොලිසිය කියයි.

එම අනතුරකින්  රියදුරු සහ රිය සහායක සුළු තුවාල ලබා ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

පෙට්ටල් ලීටර් 6600 ක් සහ ඩීසල් ලීටර් 6600 ක් මෙම ඉන්ධන බවුසරයේ තිබී ඇති අතර ඉන් විශාල ප්‍රමාණයක් වෙල්යායේ ජලයට මුසුවී ඇති බවද පරීක්ෂණ සිදුකරන මනම්පිටිය පොලිසිය පවසයි.

පැවති වර්ෂාපතනයත් සමඟ මෙම ඉන්ධන බහුසරය මාර්ගයෙන් ලිස්සා වෙල්යායට පෙරළී තිබේ.

ඉන්ධන බවුසරයෙන් හැලෙන ඩීසල් හා පෙට්‍රල් ප්‍රදේශවාසීන් ප්ලාස්ටික් බූලි වලට පුරවා ගැනීමට උත්සාහ ගත්තද මනම්පිටිය පොලිසිය වැලැක්වීමට කටයුතු කළේය.