ඉමක් කොනක් නැති තෙල් පෝලිම් රට පුරා


(යොහාන් භාසුර)

රට තුළ පවතින දැඩි ඉන්ධන හිඟයත් සමඟ කොළඹ ඇතුළු බොහෝ ප්‍රදේශවල ප්‍රධාන මාර්ගවල එක තීරුවක් සම්පූර්ණයෙන්ම වැසෙන සේ වාහන ගාල්කරමින් ජනතාව ඉන්ධන පෝලිම්වල රැදී සිටීම නිසා අද (18) පස්වරුව වන විට මාර්ග තදබදයක් නිර්මාණය වී තිබුණි.

කොළඹ සහ අවට ඇතැම් ස්ථානවල කිලෝමීටර පහ, හය දිගු පෝලිම් දැකිය හැකි විය.

කොළඹ ඇතුළු රට පුරාම ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නොමැති වුවද ඊයේ (17) පස්වරුවේ සිට ඉන්ධන පිරවුම්හල් අසළ පෝලිම්ල ජනතාව රැදී සිටින අතර ඇතැම් ප්‍රදේශවල එම පෝලිම්වල සිටින ජනතාව ප්‍රකෝපකාරීව හැසිරෙන ආකාරය දැකගත හැකිවිය.

රට පුරා බොහෝ ස්ථානවල ඉන්ධන නොමැතිව මෝටර් රථ, ත්‍රීරෝද රථ සහ යතුරුපැදි අතරමග නතර වී ඇති අවස්ථා වාර්තා වී ඇතැයි පොලිසිය පැවසීය.

(ඡායාරූප: ශාන්ත රත්නායක


(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)