කඩා වැටෙන්න ඇතැයි සැක කරන ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පිරිස රැගත් හෙලිකොප්ටර් යානය සෙවිමේ මෛහයුම්වලට රුසියාව ද සම්බන්ධ වී සිටී.
රුසියාවත් ඉරානයත් අතරේ සමීප මිතුදම් පවතින අතර, රුසියන් ජනාධිපති පුටින්, ඉරාන ජනාධිපති රයිසිගේ සමීප මිතුරෙකි.
රුසියන් ජනාධිපති පුටින් පවසා ඇත්තේ දිවි ගලවා ගැනීමේ කටයුතු සම්බන්ධ විශේෂඥයන් 47 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ වනවිටත් ඉරානයට යවා ඇති බවය.
ඕනෑම කටුක දුෂ්කර ගමනකට සුදුසු වාහන සහ හෙලිකොප්ටර් යානයක් ද ඊට අයත් වෙයි.