ඉල්ලා අස්වෙන්නැයි පාකිස්තාන අගමැතිට බලපෑම්


වහා ඉල්ලා අස්වෙන්නැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරට ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන 'පාකිස්තාන මුස්ලිම් ලීගය එන්' පක්ෂයෙන් බලපෑම් එල්ල වෙයි.

ඉම්රාන් ඛාන් ප්‍රමුඛ රජය බලයට පත්වී වසර තුනක් ගත වුවත්, ආර්ථික අභියෝග සාර්ථකව ජය ගැනීමට නොහැකි වී ඇති බවත්, රජයේ දූෂණ වංචාවලට එරෙහි වෙනවා යැයි පවසමින්, අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඔහුගේ දූෂණ වංචා යට ගසන බවටත් 'පාකිස්තාන මුස්ලිම් ලීගය එන්' පක්ෂය චෝදනා නගයි.

(රොයිටර්)