ලොව ධනවත්ම පුද්ගලයා වන ඇමෙරිකන් ව්‍යාපාරික, බිලියනපති ඉලොන් මස්ක්, ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය ලබා ගැනීමට අදාළ ගෙවීම් අවසන් කළේය.
ඉලොන් මස්ක්, ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය ලබා ගෙන ඇත්තේ ඇමෙරිකන් ඩොලර් බිලියන 44 ක මුදලක් වැය කරමින් එහි බහුතර කොටස් මිලදී ගැනීමත් සමගය.
ඩොලර් බිලියන 44 ක මුදලක් වැය කරමින්, ට්විටර් සමාජ මාධ්‍ය ජාලය මිලදී ගන්නා බව ඉලොන් මස්ක් ප්‍රසිද්ධියේ කියා සිටියේ පසුගිය අප්‍රේල් මාසයේය.
(රොයිටර්)