ඉසෙඩ්-ඩී ඇළට වැටුණු තනියා තනියම ගොඩඑයි


නිමල් ජයරත්න

පොළොන්නරුව මාදුරුඔය ඉසඞ්.ඞී ප‍්‍රධාන ඇලට  අද (29) අලූයම අරලගංවිල ඇල්ලේවැව ප‍්‍රදේශයෙන් වැටුන වන අලියෙකු අරලගංවිල වීරාන ප‍්‍රදේශයෙන් තනියම ගොඩවි වීරාන රක්ෂිතයට පලා ගොස් ඇති බව වෙහෙරගල වනජිවි නිලධාරීහු පැවසුහ.

ඉසඞ්.ඞී ඇලට මිට පෙර වන අලින් වැටුන අවස්ථාවලදි කඹ, ටයර් සහ කර ආධාරක යොදා එම අලින් ගොඩ ගැනිමට පැය ගණනාවක් තමන්ට වෙහෙස විමට සිදු වු බවත් අද දින වැටුනු මෙම වන අලියා තනියම ගොඩ ඒම විරල අවස්ථාවක් බව වෙහෙරගල වනජිවි නිලධාරින් පෙන්වා දෙති.

වසර තුනක කාලයක් තුල වන අලි 18 දෙනෙකු මෙම ඉසඞී.ඞී ඇලට වැටි ඇති බවත් ගත වු සති දෙකක කාලය තුල මෙම අලියාද සමග වන අලින් හතර දෙනෙකු වැ⁣ටි ඇත.

මෙම ඇලට මේ වන විට වැටි ඇති වන අලි 58 දෙනාගෙන් තනියම ගොඩ ආ දෙවන අලියා මෙය බවද වෙහෙරගල අඩවි ආරක්ෂක යු.ඞී.ජේ.පි.එම්. ආරියසිංහ මහතා සදහන් කලේය.

අද දින වැටුන වන අලියාගේ වයස අවුරුදු 25 ක පමණ වන බවත් මෙලෙස ඇලට වැටිමට ප‍්‍රධාන හේතුව වන්නේ මේ දිනවල පවතින දැඩි නියං තත්වය හේතුවෙන් මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ වන අලි ආහාර සහ ජලය සොයා ගම් වැදිම බවද ආරියසිංහ මහතා සදහන් කලේය.