ඊශ්‍රායල ප්‍රහාරයේ මහ මොළකරු


ගාසා තීරයේ හමාස් සටන්කාමීන් පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය සැලසුම් කළේ හමාස් පලස්තීන සටන්කාමියකු වන මොහොමඩ් ඩියෙෆ් යැයි තහවුරු වී ඇත.

මොහොමඩ් ඩියෙෆ් ඉතාමත් රහසිගතව ප්‍රහාරය සැලැසුම් කළ බවත්, ඒ බව දැන සිටියේ හමාස් සටන්කාමීන්ගේ මුල් පෙළ ජ්‍යෙෂ්ඨයන් පමණක් බවත්, මෙහෙයුමට සම්බන්ධ වුණු සටන්කාමී කණ්ඩායම්වලට පවා හරිහැටි කිසිවක් දැන නොසිටි බවත් පැවැසෙයි.

පසුගිය 7 වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට පහර දුන්නේ ගොඩබිමින්, ගුවනින් සහ මුහුදිනි. එය ඊශ්‍රායල ආරක්ෂක අංශ මවිත කිරීමට හේතුවක් විය.

එම හමාස් ප්‍රහාරය, 'අල් අක්සා ෆ්ලඩ්' ලෙස නම් කර ඇත්තේ ද මොහොමඩ් ඩියෙෆ් ය.

'අල් අක්සා' යනු ඊශ්‍රායලයේ මුස්ලිම් පල්ලියකි. මෙම පල්ලියට පැමිණෙන බැතිමතුන්ට ඊශ්‍රායල හමුදාවෙන් පසුගිය කාලය පුරාවට විවිධ අඩන්තේට්ටම් සිදුවිය. ඊට පළිගැනීමක් ලෙස මොහොමඩ් ඩියෙෆ් ප්‍රහාරය සැලසුම් කළ බව ඊශ්‍රායල බුද්ධි අංශ තහවුරු කර තිබේ.

(එන්.ඩී.ටීවී.)