ඊශ්‍රායලයට ඇමෙරිකාවෙන් ටොන් 10,000 ක හමුදා ආධාර


ඇමෙරිකාවෙන්, තමන්ට ටොන් 10,000 ක හමුදා උපකරණ තොගයක් ලැබුණු බව ඊශ්‍රායලය පවසයි.

ඊශ්‍රායලය පවසන ආකාරයට, මෙම හමුදා උපකරණ ඔවුන්ට ලැබී ඇත්තේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කළ අමානුෂික ප්‍රහාරයෙන් පසුව අදියර කීපයක් යටතේය. ඇමෙරිකන් හමුදා ගුවන් යානා, ගමන් වාර 200 කදී මෙම හමුදා උපකරණ රැගෙනවිත් තිබේ.

මේ අතර, ඊශ්‍රායල හමුදාව, දිගින් දිගටම ගාසා තීරණයට එල්ල කරන ප්‍රහාර තවත් ඉවසිය නොහැකි යැයි ඉරාන විප්ලවීය හමුදාවේ ප්‍රධානී මේජර් ජනරාල් හොසේන් සලාමී පවසයි.

ඊශ්‍රායල රජය, ගාසා තීරයට පහර දෙන්නේ පලස්තීන වැසියන්ගේ ජීවිත ගැන කිසිදු තැකීමක් නොකර බවත්, ඊශ්‍රායලයේ අරමුණ දේශපාලනික එකක් බවත් ජනරාල්වරයා පෙන්වා දෙයි.

ඊශ්‍රායල හමුදාව යළිත් වරක් ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත පහර දෙන්නේ, දෙපාර්ශ්වය අතර ඇතිකරගෙන තිබුණු මානුෂීය සටන් විරාමය අසාර්ථක වී අවසන් වුණු බැවිනි.

(අල් ජසීරා)