ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය ඉරානයට එල්ල වූ අතුල් පහරක් බවත්, නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරාන ජනාධිපති මධ්යස්ථමතධාරී මසූඩ් පෙසෙෂේකියන් පවසා තිබේ.
‘නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්රායලයට සමාවක් දිය නොහැකියි. නසරැල්ලා ඝාතනය ඊශ්රායලය සමඟ ඇති විරසකය තවත් ඉදිරියට ගෙන යෑමක්. යුදෙව් ඊශ්රායලයට එරෙහිව මුස්ලිම් සියලු දෙනා එක් විය යුතුයි’ යැයි නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඉරාන ජනාධිපති නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
(අල් ජසීරා)