ඊශ්‍රායලයේ ඉදිකිරීම් වැඩට ලාංකිකයෝ 54ක්


(අංජුල මහික වීරරත්න)

ඊශ්‍රායල් රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව 2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගත වූ කාලයේ ශ්‍රි ලාංකිකයින් 1154 දෙනකු ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

මේ අතර, ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා හිමි වූ  22 දෙනකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙම පිරිස අද (18)ඊශ්‍රායලය බලා පිටත්වීමට නියමිතව ඇත.

එසේම තවත් 32  දෙනෙක් ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව යාමට සූදානමින් සිටිති ඒ අනුව කණ්ඩායම් 4 ක් ඊශ්‍රායලය බලා පිටත් වීමට නියමිතව ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.