(විමුක්ති එස් රුද්‍රිගු)
දකුණු ලෙබනනයේ ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කළ ඊශ්‍රායල ආරක්ෂක හමුදාවට හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් දැඩි ප්‍රහාර එල්ල වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අද (01) අලුයම දකුණු ලෙබනනයේ ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කළ බවත් සැලැසුම් කළ කාලයට වඩා පැය කීපයකට පෙර එම මෙහෙයුම් ආරම්භ කිරීමට ඊශ්‍රායල ආරක්ෂක හමුදාව කටයුතු කළ බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ඇවචේ ඇඩ්‍රේ පැවැසුවේය.
ඊශ්‍රායල උතුරු දේශ සීමාවට සහ ඒ ආසන්න ගම්මානවලට තර්ජනයක් තිබෙන දකුණු ලෙබනනයේ ගම්මාන ඉලක්ක කරමින් එම ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කළ බවත් එම ගම්මානවල ඇතැයි හඳුනාගෙන ඇති හිස්බුල්ලා ඉලක්ක විනාශ කර දැමීම එම මෙහෙයුම්වල අරමුණ බවත් ඇඩ්‍රේ ප්‍රකාශ කළේය.
පාබල හමුදා කාණ්ඩයම්වලට ගුවන් හමුදාවේ සහාය ලැබෙන බවත් එම හමුදා කණ්ඩායම් සමග සම්බන්ධීකරණයෙන් හඳුනාගත් හිස්බුල්ලා ඉලක්ක වෙත ඊශ්‍රායල ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කරනු ඇති බවත් ඇඩ්‍රේ පැවැසුවේය.
සංවිධානාත්මක සැලැස්මකට අනුව කාල රාමුවක් තුළ ගොඩබිම් මෙහෙයුම් ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා මාස ගණනක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පුහුණුවූ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ගොඩබිම් මෙහෙයුම් ආරම්භ වීමත් සමග දකුණු ප්‍රදේශයේ ලෙබනන ගම්මාන 20 ක වැසියන්ට උතුරු ප්‍රදේශයේ ආරක්ෂිත ස්ථානයක් කරා ගමන් කරන ලෙසට ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අනතුරු ඇඟවීමක්ද කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.