උකස් කඩ ඉදිරිපිට දිගු පෝලිම්


(රංජන් කස්තුරි)

සංචරණ සීමා ඉවත් කළ අද දින පෙරවරුවේ සිට උකස් මධ්‍යස්ථානවල ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබිණි. 

මාසයක පමණ කාලයකින් පසුව රටපුරා උකස් මධ්‍යස්ථාන අද වීවෘත කෙරුණු අතර බොහෝ පිරිස් සිය කන කර උකසට තිබීම සඳහා මෙසේ පැමිණ ඇත.

එදිනෙදා ජිවිත්වීමට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදි ගැනීමට කිසිදු ආදායමක් ඉකතු දිනවල නොලැබුණු හෙයින් කන කර උකස් තැබීමට සිදු වූ බව අප කළ සොයා බැලීමේදී ඔවුහු පැවැසූහ.

කොළඹ හා තදාසන්න ප්‍රදේශවලත් දිවයිනේ පිටපළාත්හි පිහිටි නගරවලත් උකස් මධ්‍යස්ථානවලට සහ බැංකුවල උකස් අංශවලට මේ ආකාරයෙන් බොහෝ පිරිස් පැමිණ සිටි බව ද වාර්තා වෙයි.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

(ඡායාරූප: තිලකරත්න දිසානායක)