උඩරට මඟේ දුම්රියක් පිලී පනී


 

(රංජිත් රාජපක්ෂ)                       

 

නානුඔය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන දුම්රියේ පිලී පැනීමට ලක් වූ දුම්රිය මැදිරිය පිලිගත කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

නානුඔය සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රිය අද (18) වටවල සහ ගලබොඩ දුම්රිය ස්ථාන දෙක අතර වේවැල්තලාව 98 සැතපුම් කණුව අසලදී  දුම්රිය මැදිරියක් පිලී පැනීමට ලක් වී තිබේ.

දුම්රිය මැදිරිය පිලී පැනීමෙන් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වාත්, ධාවනය වූ පොඩි මැණිකේ සහ උඩරට මැණිකේ දුම්රියන් , විශේෂ දුම්රියත් , දුම්රිය මැදිරිය පිලි පැනීමට ලක් වූ ස්ථානය දක්වා ධාවනය කර මගින් දුම්රියන් අතර මාරු කර සිය ගමනාන්තය දක්වා යැවීමට දුම්රිය පාලක මැදිරිය කටයුතු කර තිබිණි.

දුම්රිය මැදිරිය පිලී පැනීමෙන් දුම්රිය මාර්ගයට ද අලාභ හානි සිදු වී ඇත.