උඩරට මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක් අවලංගුයි


(ප්‍රසාද් රුක්මල් )

උඩරට දුම්රිය මාර්ගයේ මහනුවර බදුල්ල අතර දුම්රිය ගමන් වාර දෙකක්  අද (16) දින අවලංගු කළ බව නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය පවසයි .

බදුල්ල සිට පෙරවරු 11.45 ට මහනුවර බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 1596 භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය සහ මහනුවර සිට බදුල්ල බලා අලුයම 4.10 ට ගමන්  ආරම්භ කිරිමට නියමිතව තිබු අංක 1126 දරණ භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය මෙසේ අවලංගු කල බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය.

මහනුවර සිට බදුල්ල බලා    ඊයේ (15) දින ධාවනය වෙමින් තිබූ අංක 1126 භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය නානුඔය දුම්රිය  ස්ථානය ආසන්නයේදී පිලීපැනීමට ලක් වීමෙන්  උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ට   බාධා සිදුව දුම්රියන් පැය  ගනන්  ප්‍රමාද වී ධාවනය  විය .

මෙසේ දුම්රිය ප්‍රමාද වීම නිසාවෙන්  මහනුවර සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 1126 භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය ට නියමිත වේලාව ට ධාවනය වීමට දුමිරිය එන්ජිමක් නොතිබුනු නිසාවෙන් මෙම දුම්රියන් දෙකේ ගමන්වාර අවලංගු කළ බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු පැවසීය .