( ප්රසාද් රුක්මල් )
උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්රවාහන මිශ්ර දුම්රිය පිලිපැනීමට ලක්වීමෙන් අඩාලව පැවති බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (24) පස්වරුවේ යලි යථා තත්වයට පත් කල බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්රවාහන මිශ්ර දුම්රියේ පිටුපස නැරඹුම් මැදිරිය මෙසේ පිලිපැනීමට ලක්ව තිබූ අතර , මෙම දුම්රිය තෙවන වතාවටත් දෙමෝදර දුම්රිය ස්ථානය ට ආසන්නයේ එකම ස්ථානයකදී මෙසේ පිලිපැනීමට ලක්වීමද විශේෂත්වයකි .
දුම්රිය පිලීපැනිමට ලක් වීමෙන් අවහිර වී තිබූ කොළඹ කොටුව සිට පැමිණි පොඩිමැනිකේ , දුන්හිඳ ඔඩිසි , උඩරට මැණිකේ , මහනුවර සිට පැමිණි අංක 1126 දරන භාණ්ඩ ප්රවාහන මිශ්ර දුම්රිය මේ වන විට ප්රමාද වී බදුල්ල කරා දෙමෝදර දුම්රිය ස්ථානයෙන් පිටවී ගිය බවත් , බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව ඇති අංක 1046 දරන රාත්රි තැපැල් දුම්රිය අද (24)දින ප්රමාද වී කොළඹ කොටුව බලා ධාවනය වන බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළේය .