( රංජිත් රාජපක්ෂ )
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු විසින් දිඹුල පතන පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
කොටගල සහ තලවකැලේ දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි ඩෙරික් ක්ලෙයාර් දුම්රිය ස්ථානය අසලදි එකවරම පොලිතින් උරයක යමක් දුම්රිය මැදිරිය තුලට දුම්රිය මාර්ගයේ ගමන් කල පිරිසක් විසින් විසි කර තිබේ.
එම අවස්තාවේ එම මැදිරිය තුල සිටි විදේශිය යුවලකට එසේ විසි පොලිතින් උර වල දමා තිබු අසුචී වැදි ඇතැයි කියයි.
පසුව දුම්රිය තලවකැලේ දුම්රිය ස්ථානය වෙත ළගා විමෙන් පසු එම විදේශිය යුවල අසුචී තැවරුණු ඇදුම් මාරු කර ඇති බවත්, තලවකැලේ දුම්රිය ස්ථානයේ සේවකයෙකු විසින් අසුචි විසිරි තිබු දුම්රිය මැදිරිය සෝදා පවිත්‍ර කිරිමෙන් අනතුරුව දුම්රිය බදුල්ල දක්වා ධාවනය කල බව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියා විසින් පොලිසියට කර ඇති පැමිණිල්ලේ සටහන් කර තිබේ.
එම දුම්රිය මැදිරියේ ගමන් ගත් මගියෙකු නානුඔය දුම්රිය ස්ථානය වෙත කරන ලද දැනුම් දිමක් මත දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් දිඹුල පතන පොලිසියට මේ සම්බන්ධයෙන් විමශණයක් පවත්වන ලෙසට පැමිණිල්ලක් කර ඇත.
උඩරට දුම්රියන් වල පාපුරුවේ සහ මැදිරිවල ගමන් ගන්නා විදේශිකයන් ඇතුළු මගින්ගේ ජංගම දුරකථන ඩැහැ ගැනිමේ ජාවාරමක්ද පසුගිය කාලය තුල උඩරට දුම්රිය මාර්ගයේ ක්‍රියාත්මක විය.