(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තම බෑගයේ උණ්ඩයක් සඟවාගෙන ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වීමට තැත් කළ යුද හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව ජනාධිපති ආරක්ෂක අංශය නිලධාරීහු පවසති.
අත්අඩංගුවට ගත් සැකකාර සෙබලා යුද හමුදා සංඥා බළකායට අනුක්ත අයකු බව පොලිසිය කියයි.
සැකකාර සෙබළා ජනාධිපති ලේකම් කාර්යාලයට අනුක්තව රාජකාරී යොදවා සිටින අයකු වන අතර ඉකුත් 20 වෙනි දින නිවාඩු ලබා ඔහු පදිංචි ලුණුගම්වෙහෙර නිවසට ගොස් ආපසු රාජකාරී සඳහා පැමිණීමේදී ජනාධිපති ලේකම් කාර්යාලට ඇතුළු වීමේ මහජන පිවිසුම අසලදී ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් සෙබළාගේ ගමන් බෑගය ස්කෑන් යන්ත්‍රය යොදා පරීක්ෂා කර ඇති අතර එහිදී බෑගය තුළ තිබි ටි 56 උණ්ඩය සොයාගෙන ඇතැයි පොලිසිය කියයි.