උතුරේ පොලිසියත් නගර පිරිසිදු කරති



(රොමේෂ් මධුෂංඛ)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව, ජනහිතකාමී සෞඛ්‍ය ආරක්ෂිත පරිසරයක් ගොඩනැගීම වෙනුවෙන් උතුරේ පොලිස් නිලධාරීහු ද නගර පිරිසිදු කිරීමට දායක වී සිටිති.
 
වව්නියාව, මන්නාරම හා යාපනය පොලිස් නිලධාරීහු නගරයේ කසළ එක්රැස්වන ස්ථාන පිරිසිදු කිරීමට පියවර ගත්හ.
 
නගර අලංකරණය සඳහා පිරිසිදු කිරීමේ කටයුත්තට යාපනය මහනගරාධිපති එමානුවේල් ආනෝල්ඩ් මහතාද සහය දැක්වීය.
 
පොලිස් නිලධාරීන් නගරයේ වෙළෙන්ඳන්ටද තම ව්‍යාපාරික ස්ථාන පිරිසිදුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් උපදෙස් ලබා දී තිබුණි.
 
නගරය පිරිසිදුව තබාගැනීම සඳහා සහය ලබාදෙන මෙන් පොලීසිය උතුරේ වැසියන්ගෙන් ඉල්ලා සිටියි.