(යොහාන් භාසුර)
ජාතික පාරිභෝගික මිල දර්ශකයකට අනුව පසුගිය පෙබරවාරි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට - 3.9 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය ජනවාරි මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට -4.0 ක පැවැති බව ද එම දෙපාර්තමේන්තුව කියයි.
ජනවාරි මාසයේ සියයට -2.5 ක් ලෙස පැවැති ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය පෙබරවාරි මාසයේ සියයට -1.1ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ජනවාරි මාසයේ සියයට -5.2 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය පෙබරවාරි මාසයේ සියයට -6.0 ක් දක්වා පහළ ගොස් ඇති බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.