උපවාසයේ සිටින ආබාධිත රණවිරුවන් බලන්න සජිත් යයි


කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවේ නිරත වී  සිටින ආබාධිත රණවිරුවන් හා මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් මුණ ගැසීමට ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (30) පැමිණියේය.

එහිදී සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා ආබාධිත රණවිරුවන් හා මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරු සමඟ ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක  නිරත විය.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)