උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ සාමාජිකයන්ගෙන් අභියාචනයක්



(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

උපාධිධාරීන්ට  රජයේ රැකියා ලබාදීමේ වැඩසටහන මගින් තමන් ඇතුළු බොහොමයක් උපාධිධාරීන්ට අසාධාරණයක් වූවා යැයි පවසමින් උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ සාමාජික සාමාජිකාවෝ පිරිසක් තම ගැටළුව සම්බන්ධයෙන් වහාම මැදිහත් වන ලෙස ඉල්ලා අද (24) රාජ්‍ය පරිපාලන සේවා අමාත්‍යාංශය වෙත පැමිණියහ.

මීට පෙර වෙනත් රැකියාවක නිරතව සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයෙකු වී සිටීම, පුද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබා තිබීම වැනි කරුණු පදනම් කර ගනිමින් උපාධිධාරීන්ව එම රජයේ රැකියා ලබාදීමේ වැඩසටහනෙන් ඉවත්කර ඇතැයි ද මේ සම්බන්ධයෙන් නැවත සලකා බලා සියලු උපාධිධාරීන්ට සහනයක් සලසන මෙන් ඔවුහු ඉල්ලා සිටියහ.

මෙම අවස්ථාවට එක්වූ සියලු උපාධිධාරීහු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් වෙත අභියාචනාවක් ද ඉදිරිපත් කළහ.