ඌරාපොළ - රුවන්වැල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම වැසෙයි


(ආනන්ද ඉ ජයකොඩි)

දැඩි වර්ෂාවත් සමග අද (14) අළුයම ඌරාපොල රුවන්වැල්ල මාර්ගයේ සපුගස්තැන්න ප්‍රදේශයේ කන්දක් නාය ගොස් විශාල ගල් සහිත පස්කන්දක් මාර්ගය හරහා ඇද වැටීම හේතුවෙන් වාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇන හිට ඇති බව අත්තනගල්ල සහකාර ප්‍රාදේශීය ලේකම් සමීර ජයවර්ධන මහතා ඊයේ (14) දහවල් පැවසීය.

අදාල අංශ දැනුවත් කොට පස් කන්ද ඉවත් කිරීමට පියවර ගන්නා බවත් පවතින දැඩි වර්ෂා තත්වය හේතුවෙන් එම ප්‍රදේශය දැඩි අනතුරු දායක තත්වයක පවතින බවද සහකාර ප්‍රාදේශීය ලේකම් වරයා වැඩිදුරටත් කියා සිටියේය.