ඌව වෙල්ලස්ස නිදහස් අරගලයේ විරුවන් සමරති


 

ඌව වෙල්ලස්ස නිදහස් අරගලයට වසර 200 ක් පිරීම අනුස්මරණය කරමින් මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ කැප්පෙටිපොළ වීරයා ප්‍රමුඛ දස දහසක් විරුවන්ට පිං පැමිණවීම වෙනුවෙන් පැවැත් වු පිංකමක්  කොළඹ 07,සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
 
ශාන්ති පදනම සංවිධානය කළ  මෙම පිංකම  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ   ප්‍රධානත්වයෙන්  අද (25) උදෑසන පැවැත්විණි.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  වීර කැප්පෙටිපොළගේ  සිතුවමට පුෂ්පෝපහාර දැක්වු අතර   අනතුරුව භික්ෂුන් වහස්සේලාට  උදෑසන දානය පිළිගැන්වීමට ද  එක්විය.
 
නිදහස් අරගලයේ දී දිවි පිදූ විරුවන් වෙනුවෙන් වූ විශේෂ පුණ්‍යානුමෝදනාව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක කොටුගොඩ ධම්මාවාස  හිමියන් විසින් කරන ලද අතර වීර කැප්පෙටිපොළ ගුණානුස්මරණ කථනය සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති  කොටපොළ අමරකිත්ති ස්වාමීන් වහන්සේ විසින් කරන ලදි. 

(36698)

(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)