එක්ප්‍රස් පර්ල් නෞකාවේ අපද්‍රව්‍ය කූඩ දමා ඉවත් කරයි


ගිනි ගත් එක්ප්‍රස් පර්ල් නෞකාවේන් මුහුදට එක වී නොකඩවාම පමුණුගම ප්‍රදේශයේ වෙරළට ගොඩගසන ප්ලාස්ටික් බෝල ඇතුළු විනාශකාරී අපද්‍රව්‍ය  නාවික හමුදාව  අද දිනයේත් ඉවත් කළේය.

දැල් කූඩ සහ ඉදල් උපයෝගී කර ගනිමින් එම ද්‍රව්‍ය ඉවත් කරන අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි.

මෙම නැවෙන් මුහුදට වැටුණු අපද්‍රව්‍ය විශාල වශයෙන් බටහිර වෙරළට ගොඩ ගසා ඇත.

මේ වන විට එම නැවේ ගින්න බොහෝ දුරට පාලනය වී ඇති බව ද නාවික හමුදාව කියයි.

(ඡායාරූප ශාන්ත රත්නායක)