එක්සත් ජාතීන්ගේ 74 වන මහා සමුළුව ඇරඹේ



(ජනක පිටිගල නිව්යෝර්ක් නුවර සිට)
 
එක්සත් ජාතීන්ගේ 74 වන මහා සමුළුව අද(24) දින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

මෙවර එහි තේමාව වූයේ ‘දුගී බව දුරලීම ගුණාත්මක අධ්‍යාපනය, පාරිසරික සංවර්ධනය සඳහා බහු පාර්ශ්වයන්ගේ උත්සාහය බලගැන්වීම’ යන්නයි.

මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ තානාපති කාර්යාලයේ නිත්‍ය නියෝජිත ශේනුකා සෙනවිරත්න මහත්මිය ඇතුළු දූත පිරිසක් සහභාගී වූහ.

මෙම අවස්ථාවේදී නිත්‍ය නියෝජිතවරිය සවුදි අරාබිය, දකුණු කොරියාව, මාලදිවයින හා අයර්ලන්තය යන රටවල විදේශ කටයුතු අමාත්‍යවරුන් මුණගැසුණාය.