එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සභාපති සහ ලේකම් රිමාන්ඩ්


(රෝෂන් තුෂාර)

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක මහතාට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටීම සඳහා පක්ෂය මගින් නාම යෝජනා භාර දීමට රුපියල් ලක්ෂ 300ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සභාපති හා ලේකම්වරයා ලබන 27වැනි දින දක්වා බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මහතා නියෝග කළේය.

පක්ෂයේ නිත්‍ය ලේකම් ඇතුළු කුත්‍යාධිකාරී මණ්ඩලයේ 06 දෙනෙකු රුපියල් ලක්ෂ විස්ස බැගින් වූ ඇප බැඳුම්කර හයක් මත මුදා හැරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

රුපියල් කෝටි තුනක අල්ලසක් ලබා ගත්තේ යැයි ඊයේ අත්අඩංගුවට ගෙන අල්ලස් කොමිසම මගින් අද අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.