එජාප නව නිලධාරී මණ්ඩලය වැඩ බාරගනී


(ඩික්සන් වසන්ත)

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී අද (24) පෙරවරුවේ වැඩබාරගත්තේය.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට සෞඛ්‍ය නීතිවලට අනුකූලව පැවැත්විණි.

මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද නියෝජ්‍ය නායක ලෙස රුවන් විජයවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම්, මහලේකම් රංග බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන සහ භාණ්ඩාගාරික මිස්බා සතාර් යන නිලධාරීහු පක්ෂයේ තම තමන්ගේ ධූරයන්හි වැඩ බාර බාරගත්හ.