එන්නතට දැඩි උනන්දුවක්:නීතිත් අමතක වෙයි


(ඩයනා උදයංගනී)

කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂාවීමේ එන්නත් ලබාදීම වැඩි අවදානමක් සහිත දිස්ත්‍රික්කවල ස්ථාන 50කදී පමණ මේ වන විට ආරම්භ කර තිබේ.

ඒ අනුව අද (11) දිනයේ ද ස්ථාන රැසකදී එන්නත්කරණ කටයුතු සිදුකෙරුණු අතර එන්නත් ලබාගැනීම සඳහා ජනතාවගේ විශාල උනන්දුවක් දක්නට ලැබිණි.

එන්නත් ලබාදෙන ස්ථානවල දිගු පෝලිම්වල ජනතාව එන්නත් ලබාගැනීමට බලා සිටිනු දක්නට තිබිණි.

කොටිකාවත්ත එන්නත්  කරන වැඩ සටහන පැවැති අයුරු (ඡායාරූප ළහිරු හර්ෂණ)

කඩුවෙල එන්නත්  කරන වැඩ සටහන පැවැති අයුරු (ඡායාරූප ළහිරු හර්ෂණ)

මාලිගාවත්ත එන්නත්  කරන වැඩ සටහන පැවැති අයුරු (ඡායාරූප ළහිරු හර්ෂණ)

රිජ්වේ ළමා රෝහලේ දී එන්නත් කරන වැඩ සටහන පැවැති අයුරු (ඡායාරූප ශාන්ත රත්නායක)

මාලිගාවත් පොලිසිය ඉදිරිපිට (ශාන්ත රත්නායක)

 

 

බණ්ඩාරගම කිදෙල්පිටිය ශ්‍රී සාරාලංකාර ප්‍රාථමික විද්‍යාල එන්නත් කරණය කරන අයුරු (බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වෑල්ලවත්ත සිතුමින ප්‍රජා ශාලාවේදි එන්නත් කරනය සිදු කරන අයුරු . (ජයා ජයමාල් චන්ඩ්‍රසිරි)

දෙහිවල ජයසින්හ  ශාලාවේදි එන්නත් කරනය සිදු කරන අයුරු . (ජයා ජයමාල් චන්ඩ්‍රසිරි)

නුගේගොඩ විජේරාම ජයවර්දනපුර විශ්ව විදාලය ආසන්නයේ පිහිටි පොල්වත්ත විහාරයේදි  එන්නත් කරනය සිදු කරන අයුරු .(ජයා ජයමාල් චන්ඩ්‍රසිරි)