එන්නත් කරන හැටි බලන්න ජනපති විහාර මහා දේවි උද්‍යානයට


(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා යුද හමුදාව කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පවත්වාගෙන යන කොරෝනා මර්දන එන්නත්කරණ මධ්‍යස්ථානයේ වැඩකටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (2) පස්වරුවේ එහි පැමිණියේය.

ජනාධිපතිවරයා එම මධ්‍යස්ථානයේ කටයුතු නිරීක්ෂණය සඳහා මෙලෙස පැමිණියේ පළමු වතාවටය.

ජනපතිවරයා එහිදී එම එන්නත්කරණ මධ්‍යස්ථානයේ කටයුතු තවදුරටත් පුළුල් කිරීමට අවශ්‍ය උපදෙස් හමුදා ප්‍රධානීන්ට ලබා දුන්නේය.

මේ අවස්ථාවට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු හමුදා ප්‍රධානීහු පිරිසක්ද සහභාගි වූහ.

කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ එන්නත්කරණ මධ්‍යස්ථානය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක කෙරෙන්නකි.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)