එන්නත් දෙන්න ගෙයින් ගෙට යන්නේ මෙහෙමයි


(ප්‍රියාණි මංගලිකා)

කොරෝනා මර්ධන එන්නත් කරණ වැඩසටහන් සඳහා නිසි වාහන පහසුකම් නොමැති කමින් , වාරියපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය නිලධාරීන් ප්‍රාදේශීය සභාවේ ට්‍රක් රථයකින් පැමිණෙන බව ප්‍රදේශයේ ජනතාව පවසයි.

විශාල රෝගීන් සංඛ්‍යාවක්ද වාර්තා වෙමින් ,කොරෝනා වසංගත තත්වය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින වාරියපොල ප්‍රදේශයේ ජනතාව ඉන් මුදවා ගැණීම සඳහා සෞඛ්‍ය අංශ අව්ව වැස්ස නොතකා සභාවේ ට්‍රක් රථයකින් ගොස් කටයුතු කරණ අයුරු ඉතා සංවේදී කාරණයක් බවද ජනතාව බලධාරීන්ට අවධාරණය කර සිටිති.

කොරෝනා ආසාධිතව නිවෙස් වල සිටින රෝගීන් ගේ රෝග තත්ව සොයා බැලීම සඳහාද සභාව සතු ට්‍රක් රථයකින් සෞඛ්‍ය අංශ පැමිණෙන බවද ,පවතින තත්වයෙන් නිලධාරීන්ද අපහසුතායට පත්ව සිටින අයුරු දක්නට ඇති බවද ජනතාව කියා සිටිති.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ආරංචි මාර්ග සඳහන් කලේ සියලු සේවා කටයුතු සඳහා එක් පැරණි ගිලන් රථයක් පමණක් ඇති බවයි.