එම්.සී. පාළුවට


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ ප්‍රකට සහ පැරණිතම සුපිරි සාප්පු සංකීර්ණයක් වන ‘මැජෙස්ටික් සිටි’ (එම්.සී.) සාප්පු සංකීර්ණයේ සාප්පුවලින් සියයට 50 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට වසා දමා තිබේ.

‘මැජෙස්ටික් සිටි’ සාප්පු සංකීර්ණයේ සාප්පු 280 කට අධික සංඛ්‍යාවක් ඇති අතර ඉන් සාප්පු 150 කට ආසන්න සංඛ්‍යාවක් වසා දමා ඇති බවත් සංචාරයන් සහ දේශීය පාරිභෝගිකයන්ගේ පැමිණීම අඩුවීම සහ ආනයනික විදුලි උපකරණ, ජංගම දුරකථන, ඔරලෝසු ආදි උපකරණවල හිඟය ඇතුළු හේතූන් රැසක් නිසා මෙසේ සාප්පු වැසී යමින් තිබෙන බව එම සාප්පු සංකීර්ණයේ ප්‍රකාශකයෙක් පැවසීය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)