(අංජුල මහික වීරරත්න)
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ඊයේ (20) පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරඟය නැරඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක් විය.
තරඟය නැරඹීමට පැමිණ සිටි දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන් සහ නිලධාරීන් සමඟ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුහද කතා බහක නිරත විය.
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් ද ජනාධිපතිවරයා සමඟ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා පිටත්වීමට පෙර මේ තරඟය නැරඹීමට ගියේය.