(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ගයාන් සූරියආරච්චි)
අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී වවුනියාව පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය ලබමින් සිටින පුතාට ලබා දීමට අයිස් මත්ද්‍රව්‍ය රැගෙන ගියේ යැයි කියන උප පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව වවුනියාව මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
මෙසේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කුරුණෑගල , අලව්ව පොලිසියේ රාජකාරී කරන උප පොලිස් පරීක්ෂකවරයකු බව පොලිසිය කියයි.
මෙම උප පොලිස් පරීක්ෂකවරයා අයිස් මත්ද්‍රව්‍ය හොයාගත් ආකාරය හෙළිකර ගැනීමට ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.