ඔක්තෝම්බර් උද්ධමන අඩු වෙයි


(යොහාන් භාසුර)

මෙරට උද්ධමනය ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට -0.7 ක් දක්වා සහ ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 1.3 ක් දක්වා අඩුවී ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙරට උද්ධමනය සැප්තැම්බර් මස සියයට -0.2 ක් පැවැති බවත් සැප්තැම්බර් මස ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 0.5 ක පැවැති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.  

සැප්තැම්බර් මාසයේ සියයට -0.7 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය ඔක්තෝම්බර් මාසයේ සියයට -2.3 ක් දක්වා අඩු වී ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.