(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමාජ ආරක්ෂණ පනත තවම අහෝසි නොකළේ ඇයි දැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ඔබලා විපක්ෂයේ සිටියදී ඒ පනතට විරුද්ධ වුණා.පසුගිය ආණ්ඩුව ගෙනා ඔන්ලයින් පනත හෙවත් සමාජ ආරක්ෂණ පනත අහෝසි කරන්න.ඒ වෙනුවට සියලු දෙනා සමඟ සාකච්ඡා කොට අලුත් පනතක් ගේන්න යැයි මුජිබුර් රහුමාන් මහතා පැවසීය.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් මුජිබුර් රහුමාන් මහතා මේ බව සඳහන් කළේය.