ඔබ ගැන අප අවදියෙන්


(යොහාන් භාසුර)

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ විශේෂ පුස්තකාලයක් සහ විවේකාගාරයක් ස්ථාපිත කිරීමට ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (17) උපදෙස් දුන්නේය.

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් ප්‍රමාණය ජනගහනයෙන් සියයට 8 ක් බවත් දෘෂ්‍ය ආබාධ සහිත, ශ්‍රවණ ආබාධ සහිත, කථන ආබාධ සහිත සහ වෙනත් විවිධ විශේෂ අවශ්‍යතා සහිත පිරිස් එම පිරිසට අයත් බවත් අමාත්‍යවරයා කීය.

මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මාකුඹුර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානය අපේ රටේ දෘෂ්‍යාබාධිත සහ වෙනත් විශේෂ අවශ්‍යතා සහිත ජනතාවට ද අපහසුවකින් තොරව පරිහණය කළ හැකි පරිදි සැලසුම් කර තිබෙන බවත් ඔවුන්ට ගමන් කිරීමේදී දිශාව හඳුනාගැනීමට හැකි පරිදි බිම් සළකුණු ඇතුළු දියුණු පහසුකම්වලින් එම පරිශ්‍රය සමන්විත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ජාත්‍යන්තර සුදු සැරයටි දිනය වෙනුවෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සංවිධානය කළ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින් අමත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එසේ උපදෙස් දුන්නේය.