ඕස්ට්‍රේලියානු නාවික සෙබළු ත්‍රිකුණාමලය වෙරළත් පිරිසිදු කරති



(ඉන්දිකා රාමනායක)
 
‘ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019’ වැඩසටහනට සහභාගි වීම සඳහා  පසුගිය මාර්තු 23 වන දින ත්‍රිකුණාමලය වරායට පැමිණි ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවට අයත් සක්සස්  නෞකාවේ කාර්ය මණ්ඩලය අද(26) ත්‍රිකුණාමලය රවුන්ඩ් බේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුත්තක සහභාගී වුහ. 
 
මේ සඳහා සක්සස් නෞකාවේ අණදෙන නිලධාරි කපිතාන් ඩ්‍රැරන් ජී ග්‍රෝදගන් මහතා ඇතුළු නාවික නිලධාරීන් 19 දෙනෙක් සහභාගි වී සිටියහ. 
 
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා, ත‍්‍රිකුණාමලය නාවික නෞකා තිස්ස ආයතනයේ අණදෙන නිලධාරිතුමා ඇතුළු නිලධාරීන් 51 දෙනෙක්  සහභාගී වූහ.